ගල් අඟුරු ගන්න හදිසි ප්‍රසම්පාදනයක්


(අංජුල මහික වීරරත්න)

නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්‍රික්ටොන් 300,000±10% (නැව්ගත කිරීම් 05 ක්) හදිසි ප්‍රසම්පාදනයක් ලෙස සපයා ගැනීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම යටතේ ලියාපදිංචි වී සිටින ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06 ක් ලැබී තිබේ.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසමපාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.