(තිලකරත්න දිසානායක)
කොරෝනා ආසාදිතයින් 597 දෙනකු ගතවූ පැය 24 ක කාලයක් තුල ගම්පහින් හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බවත් ජනතාව දැඩි අවදානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.
ගතවූ එම කාලය තුල 69 දෙනකු වන ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බව සදහන් කළ අධ්‍යක්ෂවරයා, ගම්පහ දිස්ත්‍රික්කයෙහි , සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුව ඇති බවද කීය.
බියගම කොට්ඨාසයෙන් - 63 ක් , සීදූව - 55ක් , මහර - 49 ක් , මීගමුව - 48 ක් , කටාන - 49 - ක් , කැලණිය - 45 ක් , රාගම සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් 33 දෙනෙකු බැගින්ද , වත්තල - 22 ක්, මිනුවන්ගොඩ - 20 ක් , ජාඇල - 15 ක් සහ අත්තනගල්ල කොට්ඨාසයෙන් 14 දෙනෙකු වශයෙන්ද වාර්තාවී ඇත.

