ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1037ක්


(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව අද (2) උදෑසන වනවිට 67,477 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1037 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

එම ආසාදිතයින් හමුවීම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව බියගම - 143ක්,  මීරිගම - 109ක්, වත්තල - 106ක්, මහර - 104ක්, ගම්පහ - 89ක්, කැලණිය සහ අත්තනගල්ල කොට්ඨාසයන්ගෙන්  -  80 දෙනෙකු බැගින් , දොම්පෙ  - 74 ක්,  දිවුලපිටිය  - 69 ක්,  ජාඇල - 49ක්,  සීදූව - 48 ක්,  රාගම  - 34ක්,  මිනුවන්ගොඩ - 32ක්,  මීගමුව - 12ක් සහ කටාන කොට්ඨාසයෙන් ආසාදිතයින් 8 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය. 

අද උදෑසන වනවිට පැය  24 ක් තුල ආසාදිතයින් 401 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 130 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,916 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.