
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඩබ්ලිව්. ඩි. නිශාන්ත කුමාර නොහොත් ගම්පහ බබා නැමති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත කෙළවරපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයට පිවිසෙන මාර්ගයේ වම් පස ඇති 18 වන කොන්ක්‍රීට් කණුව අසල සඟවා තිබූ මිලි මිටර් 7.62 - 39 ප්‍රමාණයේ ජීව උන්ඩ 50 ක් සොයා ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයකියයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන් දී නැමැත්තිය සමඟ නේපාලයේ රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට පත්විය.
එම සැකකාරිය ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගම්පහ බබා නමැති සැකකරු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාරයන්ංශයේ රඳවාගෙන රැඳවූම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත.
එම සැකකරු බෙම්මුල්ල බොරලියවන පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.

