
(අංජුල මහික වීරරත්න)
ගම්පහ, මිනුවන්ගොඩ සහ මිරීගම රෝහල්වල අත්‍යවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ සේවකයන් කඩිනමින් ලබා දීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හා සෞඛ්‍ය ඇමතිවරයා එකඟ වූ බව නිවාස සහ නාගරික සංවර්ධන රාජ්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඊට අමතරව රුපියල් මිලියන 350ක වියදමින් ගම්පහ රෝහලට හෘද කැතීටරීකරණ රසායනාගාරයක්( Cardiac Catheterization Lab) ලබා දීමටත්, මිනුවන්ගොඩ රෝහලේ ශල්‍යාගාර කටයුතු කඩිනමින් ආරම්භ කිරීමත්, මීරිගම රෝහලේ අලුතින් ඉදිකරන තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරුන් එකඟතාවය පළ කර ඇත.
ඔවුන් මෙම එකඟත්වය පළ කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි ගම්පහ, මිනුවන්ගොඩ සහ මීරිගම රෝහල්වල අඩුපාඩු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

