
(තිලකරත්න දිසානායක)
ගම්පහ මහ නගර සභාවේ 2026 අයවැය කෙටුම්පත වැඩි ඡන්ද 10 කින් සම්මත විය.
අයවැය විශේෂ සභා රැස්වීම නගරාධිපති (ජා. ජ.බ.) එරික් එදිරිවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්, මන්ත්‍රීවරුන් , නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සහ ලේකම් කෞමදා සදරේනු යන මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සභා ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී අයවැයට පක්ෂව ජාතික ජනබල වේගය මන්ත්‍රීවරුන් 17 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව සමගි ජනබල වේගය, එක්සත් ජාතික පක්ෂය ශ්‍රී සහ පොදුජන පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ. මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
නගරාධිපති විසින් ඉදිරිපත් කරන ලද අයවැය කෙටුම්පත නියෝජ්‍ය නගරාධිපති රමාල් සිරිවර්ධන මහතා විසින් ස්ථිර කරනු ලැබූ අතර මෙහිදී 2026 පිළිබඳව නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතා අදහස් දක්වමින් , අපේක්ෂිත පුනරාවර්තන ආදායම රුපියල් 83,82,20,122 වන අතර අපේක්ෂිත පුනරාවර්තන වියදම රුපියල් 69,97,41,380 බවත් පුනරාවර්තන වියදමට වඩා වැඩි පුනරාවර්තන ආදායම රුපියල් 13,84,78,752 ක් වන බවත් සදහන් කළේය. ගම්පහ නගර බල ප්‍රදේශය පිරිසිදු මෙන්ම හරිත නගරයක් ලෙස සංවර්ධනය කිරීමට මෙන්ම කසළ කළමනාකරණය සඳහා රුපියල් මිලියන 161 ක මුදලක් වෙන් කොට ඇති බවද නගරාධිපතිවරයා පැවසීය.

