(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ අද ආරම්භ වන පාසල්වල සිසුන් සෞඛ්‍ය අංශ හඳුන්වාදි ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට වගබලා ගත යුතු බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියයි.
මුඛ ආවරණ පැළඳීම,දෑත් පිරිසිදු කිරීම,හැකිතාක් දුරට දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන බව අධ්‍යක්ෂවරයා පවසයි.
ආහාර පාන ගැනීමේදි තම තමන්ගේ ස්ථාවල සිට පමණක් ගත යුතු අතර කිසිසේත්ම නිවෙස්වලින් එන ආහාර පාන බෙදාගනිමින් එකට එක්ව නොගැනීමට වගබලා ගත යුතුය.
උණ,කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසන් වෙත නොඑවීමට මව්පියන් වගබලාගත යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

