ගමන් බලපත්‍ර දෙකකින් ආ චීනා රටින් පන්නයි


(ඉන්දිකා රාමනායක)

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පසුගියදා මෙරටට පැමිණ සිටි  චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.

 විදේශ ගමන් බලපත්රත දෙකකින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයා ඊයේ  (22)  ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැදවන ලෙස අමාත්ය  ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබු උපදෙස් අනුව  ඔහු කැදවා ප්‍රකාශයක් ලබාගත් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්ය. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව  එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත