ගනේමුල්ල අවිගබඩාවෙ භාරකරු ‌වෙඩි වැදී මරුට


(නිමන්ති රණසිංහ)

ගනේමුල්ල විශේෂ කාර්ය බලකායේ අවිගබඩාවෙ භාරකරු ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (30) උදෑසන මරුමුවට පත් ව ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි සැක පල කරන බව පොලිසිය සඳහන් කරයි

අද 30 දින උදෑසන 7 ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් පසු  තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

වයස අවුරුදු 59 ක් වූ උප පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා මෙලෙස මරණයට පත්ව ඇති අතර වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය පවසයි.