( පාලිත නානායක්කාර )
ලැගුම්හළක් පවත්වා ගෙන යන මුවාවෙන් බණ්ඩාරවෙල අලුත්වෙල උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනකු අද (1) සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි .
බංඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබු සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලැගුම්හලේ හිමිකාරිය ද සැකකාරිය න් අතර වන බව පොලිසිය කියයි.