(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ සිද්ධීන් 25 ක් අද (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 752 ක් පොලිසියට වාර්තා වී තිබේ.
මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.

