(ගයාන් සූරිය ආරච්චි)
ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්ති මෙහෙයුම්වලින් අපරාධකරුවන් 729 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 595 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 134 ක් සමගින් මුළු සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 143, මිලි ග්‍රෑම් 117, අයිස් ග්‍රෑම් 131 මිලි ග්‍රෑම් 96 , ගංජා කිලෝ දෙකක් 02 ග්‍රෑම් 991 , මාවා ග්‍රෑම් 49 , තූල් ග්‍රෑම් 44 මිලි ග්‍රෑම් 55, මෝදක ගුලි 717 , මත්පෙති 65 ගංජා පැළ 3,827 අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 595 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 11 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 02 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයකු සිටින බව පොලිසිය පවසයි.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 134 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 14 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 103 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අණාවරණය වි ඇති සැකකරුවෝ 05 ක් සිටිති.

