ගණේමුල්ල සංජීවගේ ගොලයෝ 2ක් අල්ලයි


(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයකින් ගමන්කරමින් සිටියදී ඊයේ (15) කැලණිය බුළුගහහන්දිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62, මිලි ග්‍රෑම් 900 ක්, විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 38,330 ක මුදලක් විශේෂ කාර්ය බළකයා සොයගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැළණිය සහ වත්තල ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 32 හා 34 ක පුද්ගලයන් දෙදෙනෙකි.