(අමදෝරු අමරජීව )
පොලිස් විශේෂ කාර්යාංශයේ කන්තලේ ඒකකයට අයත් ඊච්චලම්පත්තු උප ඒකකයේ පොලිස් නිලධාරියකුට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ගජමුතු සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගජමුතු රැගෙන මෝටර් රථයෙන් පැමිණි පිය පුතු දෙපළගෙන් රියැදුරු වශයෙන් කටයුතු කළ පුතා සන්තකයේ මෙම ගජමුතු තිබිණැයි පොලිසිය කියයි .
මෙම පිය පුතු දෙපළ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඒ සමග යතුරුපැදියකින් පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු අරලගංවිල ප්‍රදේශයෙත් අනෙක් තැනැත්තා ගම්පහ ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බව පොලිසිය පැවසූහ.