(නිමල කොඩිතුවක්කු)
ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලට හසු වී ඇති පුද්ගලයන් ආරක්ෂා කර මෙය ගිණි පොලී ණය උගුලක් බවට පත් කර ඇති ආයතන නියාමනය කළ හැකි ශක්තිමත් පදනමක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය මූල්‍ය සේවා සංවිධාන එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

