ගඟට වැටුණු දුරකතනය ගන්න ගිය කොස්තාපල් ගිලී අතුරුදහන්


(ඩී.ජී.සුගතපාල)
 
නිල්වලා ගඟේ අතු ගංගාවකට වැටුණු තම ජංගම දුරකතනය ගැනීමට ගිය පොලිස්  කොස්තාපල්වරයෙකු ගඟේ ගිලී අතුරුදහන්ව ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.
 
මෙසේ අතුරුදහන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි අතුල කණ්ඩම්බි(58894) නමැති 54 හැවිරිදි කොස්තාපලවරයාය.
 
තිහගොඩ මාගල්ගොඩ ජලාපාම්පාගාරය අසලින් ගලායන නිල්වලා ගඟේ අතු ගංගාවකට ඊයේ රාත්‍රි දහයට පමණ ඔහුගේ ජංගම දුරකතනය වැටී ඇති අතර එය ගැනීමට යාමේදි ඔහු ගඟට වැටී අතුරුදහන්ව ඇත.
 
සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ ගඟේ සිටින කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන යන්නට ඇතැයි සැක කරන බවය.
 
තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.