(අංජුල මහික වීරරත්න)
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව පොලොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියාව, ආදී දිස්ත්‍රික්ක වලට අදාල වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
මඩකලපුව ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වල වන්දි මුදල් ගෙවීම් කටයුතු ද 2025 පෙබරවාරි මුල වන විට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.
වන්දි මුදල් ගෙවීමේදී සිදු විය හැකි අක්‍රමිකතාවයන් වැලැක්වීමට අදාල සියලුම ක්‍රියාමාර්ගයන් ගනිමින් වන්දි මුදල් හානියට පත් වගා කරුවන්ගේ ගිණුම් වලට බැර කිරීමට බලාපොරොත්තු වන බවද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.