(විනීතා එම් ගමගේ)
ගංගා 103 ක ඉවුරු හා ගංගාධාර සංරක්ෂණය සඳහා රජය රුපියල් කෝටි 2300 ක් වෙන්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මෙම කටයුත්ත සඳහා සුරකිමු ගංගා නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් මේ වනවිට එහි මූලික කටයුතු සියල්ල අවසන් වී ඇති අතර නොවැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.
ප්‍රධාන ගංගාවන් ඇතුළු පානීය ජලය සපයන ගොවිතැන්වලට හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබාදෙන ප්‍රධාන ජල මූලාශ්‍රයන් වී ඇති ගංගා සියල්ලම මෙම ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.
මෙම ගංගා අවට අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීම ඔවුන්ට විකල්ප ඉඩම් මෙන්ම ඒවායේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම කම්හල්වල අප ජලය බැහර කිරීමේ විද්‍යාත්මක ක්‍රමයන් අනුගමනය කිරීම සඳහා මුදල් නොමැතිනම් ඊට අඩු පොලියක් යටතේ ණය මුදල් ලබා දීම වැනි සහන ලබා දීමට ද මෙම ව්‍යාපෘතිය යටතේ අවස්ථාව ලබා දෙන බව ද හෙතෙම කියා සිටියේය.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ත ගංගා පද්ධතියම දූෂණයට ලක්ව ඇතැයි පැවසූ අමරවීර මහතා පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් ගංගාවන්හි ජල මූලාශ්‍රයන් ද විනාශ වෙමින් පවතිතැයි කීය.
පානීය ජලයට අපද්‍රව්‍ය එක්වීම නිසා විවිධ රෝගාබාධවලට මිනිසුන් ගොදුරුවීමත් ගංගා ආශ්‍රීතව ඇති කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපජලය ගංගාවලට බැහැර කිරීම නිසාත් අපේ ගංගා පද්ධතිය මේ වනවිට අතිශයින් දූෂණයට ලක්ව ඇති බව ද සඳහන් කළේය.
විශේෂයෙන් කැළණි ගඟ ආශ්‍රිතව කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කර්මාන්ත ශාලා 7000 ක් ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබාගෙන ඇත්තේ කම්හල් 3000ක් පමණකැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පරිසරය සම්බන්ධ සමහර නිලධාරින් තම රාජකාරි ඉටු නොකිරීම මෙන්ම විවිධ දූෂණයන් සිදුකිරීම නිසා අපගේ ගංගා පද්ධතිය විනාශ වෙමින් පවතින බව ද සඳහන් කළේය.

