ඛනිජ තෙල් තොග ගබඩා සභාපති ඉල්ලා අස්වෙයි


 

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බාරදුන් බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඒ මහතාට සභාපති ධූරයෙන් ඉවත්වන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කර තිබූ දැනුම්දීමට අනුව මෙසේ ඉල්ලා අස්විය.