කෝපි කාලෙට ආපහු හැරෙයි


(අංජුල මහික වීරරත්න)

ලබන වසර ඇතුලත හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැය ලේඛනයෙන් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

දැනට  කෝපි වගාව ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස වගා නොකළත්  මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපොළේ  ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට  පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව කෝපි වගාව සඳහා  හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන අතර එම මුදලෙන්  50%ක් නැවත අයකර නොගන්නා බව අමාත්‍යාංශය පවසයි.

අයවැය ලේඛනය මගින් 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 96ක් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

මෙරට Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora ( රොබස්ටා කෝපි) , Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ  වවනු  ලබයි. 

මේ අතරින් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රිය ම  කෝපි විශේෂය බවත්, එම කෝපි වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.