
(යොහාන් භාසුර)
රුපියල් කෝටියකට අධික (රුපියල් මිලියන 12) වටිනාකමින් යුත් ’කුෂ්‘ ගංජා ග්‍රෑම් 716 ක් බ්‍රිතාන්‍යයේ සිට එවන ලද පාර්සලයක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (9) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක පාර්සල් 13 ක් පරීක්‍ෂා කළ බවත් බ්‍රිතාන්‍යයේ සිට කොළඹ, ගම්පහ සහ කළුතර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපිනයන්ට එවා තිබූ එම පාර්සල් තුළ මෙම ගංජා තොගය තිබූ බවත් රේගුව කියයි.
රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ පරීක්ෂණ කටයුතු අවසානයේ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවත් රේගුව වැඩි දුරටත් සඳහන් කළේය.


