(නිමන්ති රණසිංහ )
ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන නන්ද කුමාර් ශිවනන්දන් නොහොත් ශිවා නැමැත්තා රුපියල් කෝටියකට වැඩි වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවක්, සැටලයිට් දුරකතන තුනක්, එහි බැටරියක් සහ රුපියල් අට ලක්ෂයකට ආසන්න වටිනා මුදල්ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු රටපුරා හෙරොයින් සහ කේරළ ගංජා බෙදාහරින ජාවාරම්කරුවන් අතර මුල් පෙළේ සිටින අයකු බව පොලීසිය පවසයි.
විදේශයට පලා ගොස් සිටින රූබන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද ශිවා නැමැති මෙම සැකකරුගේ ගෝලයකු බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.
ශිවා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හදිසියේම ලැබුණු තොරතුරක් අනුවය.
සැකකරු ළඟ තිබී සොයාගත් මුදල් හෙරොයින් විකිණීමෙන් උපයා ගත් ඒවා බවත් රැඳවුම් නියෝග මත රඳවාගෙන මොහුගෙන් ජාවාරම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර වැඩිදුර පරීක්ෂණ පවත්වති.