කෝටිය මත්ද්‍රව්‍ය සමඟ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 755 ක් මිලිගෑම් 500 ක් කුඩා විද්‍යුත් තරාදියක් , ජංගම දුරකථන 3 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව‍ය විකිණීම හා බෙදාහැරීම සිදු කරන වැලිවේරිය කිරි කීත්ත පදිංචි පුද්ගලයකු   ගම්පහ ප්‍රදේශයේ හෝටලේක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා  අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 251 ක් කුඩා විද්‍යුත් තරාදියක් සහ ජාවාරමට යොදාගත් ජංගම දුරකථනයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු  36- 55 අතර පසුවන්නොය.