කෝටි හයක වාලම්පුරි දෙකක් සමඟ සිව්දෙනෙක් අල්ලති


 

(ජේ.කේ.එල් චාමින්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් කෝටි 6 ක් පමණ වටිනා  ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1) ඉමදුව, කොදාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය පවසයි.                                                                         
අත්අඩංගුවට ගත් වාලම්පුරි 2 ක හා සැකකරුවන් සිව්දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඉමදුව පොලිසියට බාර දී තිබේ.
                   
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනෙකු විසින් උපයාදුතයකු වශයෙන් පෙනි සිටිමින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.                       

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා හැටන් හා පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.  මොවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 4 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.                                                                                           

අත්අඩංගුවට ගත් අය අතර පාසල් ගුරුවරයකු හා විශ්‍රාමික ගුවන් හමුදා භටයකුද සිටින බව  පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර පවසයි.                                                           

ඔවුන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙකි වාලම්පුරි 02ක මොවුන් සතුව තිබි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.                                                         

අධිකරණ කටයුතු සඳහා සැකකරුවන් සිව් දෙනා හා වාලම්පුරි, ඉමදුව පොලිසියට බාර දී තිබේ. සමුද්‍ර හා වෙරළආරක්ෂක පනත යටතේ මොවුන්ට නඩු පැවරිමට නියමිතව ඇත.