කෝටි හතරක මුහුදු කූඩැල්ලන් තොගයක් පුත්තලමෙන් අල්ලයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ රහසිගතව ගබඩා කර තිබූ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු මුහුදු කූඩැල්ලන් තොගයක් අද (2) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශන අංශය හා පුත්තලම සහකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
 
මුහුදු කූඩැල්ලන් තොගය ගබඩා කර තිබූ ස්ථානයේ භාරකරු ධීවර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
 
යාපනය හා මුලතිව් ප්‍රදේශයේ සිට රහසිගතව රැගෙනවිත් ශීතාගාර ගබඩාවක ආරක්ෂිතව සඟවා තිබූ  මුහුදු කුඩැල්ලන් කිලෝ 2000 ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි.
 
එම මුහුදු කූඩැල්ලන් තොගය විදේශ රටවලට යැවීමේ අරමුණින් සඟවා තිබී ඇතැයි අනාවරණය වූ බව නිලධාරීහු පවසති.
 
මෙය 1996 අංක  2 දරණ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තු පනතේ 49 / 5 වගන්තිය උල්ලංඝණය කිරීමක් බවද ඔවුහු පවසති.
 
මුහුදු කුඩැල්ලන් ඇල්ලිමේදී කිලෝවකට 180 කට අඩු ප්‍රමාණයක් තිබිය යුතු නමුත් අත්අඩංගුවට ගත් තොගයේ කිලෝවකට 250 කට අධික ප්‍රමාණයක් තිබූ බවද ඔවුහු කියති.
 
අත්අඩංගුවට ගත් සැකකරු හා කූඩැල්ලන් තොගය  හෙට (03) කොළඹ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.