(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙන බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී විවෘත කරන්නට සමත්ව ඇත්තේ බදු ලිප ගොනු පන් ලක්ෂයකට අඩු ප්‍රමාණයක් පමණක් බව ද මන්ත්‍රීවරයා කීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුට 2023-12-31 දින වන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 1066 ක් හෙවත් කෝටි ලක්ෂයක් බදු මුදල් පැහැර හැර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.

