(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි දෙකකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පිලියන්දල නගරයේදී අද (26) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
එම පුද්ගලයන් සන්තකයේ තිබී මත්කුඩු කිලෝ ග්‍රෑම් 300 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට රිමාන්ඩ් බාරයේ පසුවන මොහොමඩ් සිද්ධික් නැමැත්තාට අයත් මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් දෙදෙනා දීර්ඝ කාලයක් මෙම මත්කුඩු ප්‍රවාහනය කර ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සන්තකයේ මත්කුඩු පාර්සල් හතරක් තිබූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
සැකකරුවන් දෙදෙනා පිලියන්දල හා කිතුල්ගල පදිංචි වයස අවුරුදු 40- 47 අතර පසුවන්නන් බව පොලිසිය පැවැසීය.

