
(කේ. බුද්ධික කුමාරසිරි)
රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (12) දින අලුයම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු කුලී පදනම මත සිටි නිවසේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි
එමෙන්ම පාසල් ළමුන්ට විකිණීම සඳහා සකස් කර තිබූ මත්පැති අටසීයකට වැඩි ප්‍රමාණයක්ද සැකකරුගේ නිවසේ තිබී හමුවී ඇත

