(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් ගෙනවිත් යාපනය, තොන්නමන්නාරු, වළල ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව යාපනය චංගානේ සුරාබදු කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පලාලි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකි.
මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාව හා චංගානේ සුරාබදු කාර්යාල නිලධාරීන් එක්ව කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වළල ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ ස්ථානයක රහසිගත ලෙස මෙම කේරළ ගංජා තොගය සඟවා තිබූ බවත් ලොරි රථයකින් කේරළ ගංජා තොගය කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ බවත් අනාවරණය වී ඇත. සුරාබදු කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ ජාවාරම්කරු තවත් පිරිසක් සමඟ එක්ව දීර්ඝ කාලයක සිට ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට කේරළ ගංජා රැගෙනවිත් රහසිගත ලෙස කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවයි.
සැකකරු ප්‍රදේශයේ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර ඔහු මීට ඉහතදී කේරළ ගංජා කිලෝ 120 සමඟ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයන්හි නඩු පවතින පුද්ගලයකු බවද පොලිසිය පැවසීය.
සැකකරු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


