කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි


(ගයාන් සූරියආරච්චි)

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනකු ඊයේ (30) වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනට අත්අඩංගුෙව් පසුවන පාතාල නායක කෙහල්බද්දර පත්මේ නැමැත්තාගේ ගෝලයින් බවට තොරතුරු අනාවරණය වීඅ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25,21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්තල අවරකොටුව සහ ගලගහදූව යන ප්‍ර ෙද්ශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සන්තකෙය් තිබී අයිස් මත්ද්‍රව්‍ය කිෙලා්වක් සහ මිලිග්‍රෑම් 60 ක් පොලීසිය සොයාගෙන ඇත.

විෂ මත්ද්රිව්යල උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබුණි.