(ටී.කේ.ජී.කපිල)
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා තිබියදී සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.
ඩුබායි සිට ඊයේ (25) අලුයම 05.30 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් පැමිණි කිසියම් ගුවන් මගියකු මෙම ජංගම දුරකථන තොගය රැගෙන විත් ඇති අතර , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට අපහසු බව වැටහීමත් සමග , මේවා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබුණි .