කෝටි තුනක කුඩු සමඟ කතක් ඇතුළු තිදෙනකු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කළුබෝවිල ප්‍රදේශයේ අද  (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා  හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 1  ගෑම් 594 ක් හා කේරල ගංජා කිලෝ 4 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය  සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ පාතාල සාමාජිකයකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මව බව පොලිසිය කියයි.