කෝටි ගණනක් වංචා කළ පෞද්ගලික බැංකු සේවකයා අතුරුදන්


(පාලිත ආරියවංශ)

මෝටර් රථ හා මුදල් ඇතුළු රුපියල් කෝටි ගණනක වංචා කර පෞද්ගලික බැංකුවක සේවය කළ පුද්ගලයකු  ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

සැකකරු මෙම බැංකුවේ රථවාහන ලීසිං ණය ලබාගන්න ගනුදෙනු කරුවන් සමග හිතවත්ව  මෙම වංචාව සිදුකර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වී  ඇතැයි පොලීසිය කියයි.

රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා නවීන මෝටර් රථ 5 ක් මෙසේ වංචා සහගත ලෙස ලබාගෙන හිතවතුන්ට උගස් කර රුපියල් කෝටියක  පමණ මුදලක් ලබාගෙන ඇති අතර එම වාහන වලින් වාහන  තුනක් සොයාගැනීමට  පොලිසිය සමත්ව  ඇතැයි අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි. 

මෙම බැංකුවෙන් වාහන ලීසීං පහසුකම් ලබාගෙන තිබූ  ඇතැම් ගනුදෙනුකරුවන් සොයාගෙන ගොස් රුපියල්  ලක්ෂ ගණනක  ලීසිං වාරික  එකතු කරගෙන තම සන්තකයේ තබාගෙන ඇති  බවටද පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය සඳහන්කළේය .

මෙම බැංකුවේ ලදුපත් පොතක් තවමත් සැකකරු ලග ඇතිබවට   බැංකුවේ කළමණාකාර වරායද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර තම සැමියා අතුරුදන්ව ඇතැයි සැකකරුගේ බිරිඳ විසින්ද පොලිසියට පැමිණිලි ක ර ඇති බව පොලිසිය පැවසීය.

  මේ වන විට පුද්ගලයා සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය කීවේය.