
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1 1/2 ආසන්න මුදලක් මෝටර් රථයකින් රැගෙන යමින් සිීටි පුද්ගලයන් දෙදෙනකු අතුරුගිරිය ඔරුවල පාරේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකට යුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේ දී එහි තුළ තිබි මෙම මුදල් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම මුදල් කිසියම් ජාවාරමකින් උපයා උපයාගත් මුදල් හෝ, කිසියම් අපරාධයක් සඳහා රැගෙන යමින් තිබූ මුදල් ද බව සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය පොලිසියට පොලීසියට බාර දී ඇත.

