කෝටි 9,900 වංචා කළැයි මූල්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට


(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාෂය කියයි .

මහනුවර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකරු එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා හා කොටස් හිමිකරු වශයෙන් කටයුතු කොට ඇති බව ද බවද පොලිසිය කියයි .

මුදල් සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හා උපයාගත් මුදල් විශුද්ධිකරණය යන චෝදනා සැකකරුට එරෙහිව එල්ල වී ඇති අතර මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .