කෝටි 24 කොකේන් සමග පෝලන්ත ජාතිකයා මාට්ටු


(යොහාන් භාසුර සහ  ටී.කේ.ජී.කපිල)

රුපියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් පමණ වීදි වටිනා කමක් ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයකු  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

කොලොම්බියාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එහෙත් මොහු රැගෙන ආ ගමන් මල්ල එම අවස්ථාවේ ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා , එම ගමන් මල්ල රැගෙන යාම සදහා  යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය පරීක්ෂාවට ලක් කිරීමේදී ,  පාවිච්චි කළ ෆැක්ස් යන්ත්‍රයක් තුළ වූ කඩදාසි රෝල් කීපයක , මෙම කිලෝ ග්රැම් 05 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී සොයා ගැනීමට සමත් වී තිබුණි .

මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පෝලන්ත ජාතිකයා ද අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .