(යොහාන් භාසුර)
ජර්මනිය හා නෙදර්ලන්තයේ සිට එවන රුපියල් කෝටි 2 කට අධික වටිනාමින් යුත් මත්පෙති 2000 කට ආසන්න තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යැයි සැක පාර්සල් 9 පරීක්ෂා කළ බවත් ඒවා කොළඹ සහ මහියංගණය ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් යොමුකර තිබූ බව තහවුරු වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම පාර්සල් තුළ ‘එක්ටසි’ නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 1985 ක් සොයා සොයාගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදුන් බව ද සඳහන් කළේය.