
( රොමේෂ් මධුෂංඛ)
රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 492 ක් සමගින් සැකකරුවෙකු සහ ඩිංගි යාත්‍රාවක් යාපනය සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අද (04) අලුයම් කාලයෙදී අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂාවට ලක් කිරීමේදී එහි ගෝනි 15 ක් තුළ අසුරා තිබූ පාර්සල් 225 ක මෙම කේරළ ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කේරල ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයිද නාවික හමුදාව පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වියෙහි පසුවන වන යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


