(ජයන්ත සමරකෝන්)
කොළඹ සහ අවට පළාත් පාලන බල ප්‍රදේශ රැසක අනිද්දා(18) පෙරවරු 9.00 සිට 19 වනදා පෙරවරු 7. 00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සබා හා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නරග සබා බල ප්‍ර දේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව හා රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සඳහා ජල සැපයුම අත්හිටුවන බවද මණ්ඩලය සඳහන් කරයි.

