(මහින්ද නිශ්ශංක)
නිවෙස් බලා යන කාර්යාල සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා අද(26) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල සිට පිටපළාත් දක්වා දුම්රිය 7ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එම දුම්රිය හලාවත, වේයන්ගොඩ, අවිස්සාවේල්ල, කුරුණෑගල, මහනුවර හා ගාල්ල දක්වා ධාවනය කෙරේ.
2018 මැයි 26 වැනි දින කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද ශ්‍රේණි විෂමතා සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරනතුරු දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව පවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පවසයි.

