(නිමන්ති රණසිංහ)
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහරදුන් බව කියන දෙවන වසර සිසුන් 12 දෙනා හෙට(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කළාය.
එම සිද්ධියට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පැමිණිලිකරු 11දෙනෙකු හඳුනාගෙන ඇති අතර පැමිණිලිකරුගේ වෛද්‍ය වාර්තාව නොලැබීම හේතුවෙන් සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.




(ඡායාරූප - ළහිරු හර්ෂණ)

