කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව


(අමිල චින්තක ගමගේ)

කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ  (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

1979 ජනවාරී 09 වැනිදා පළමු සනාථන සභා රැස්වීමට සහභාගී වූ මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතාට උපහාර සම්මානයක් පිදීමද මෙහිදී සිදුකෙරිණි.‍

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පැවති අතර එහිදී කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති එච්.ඩී කරුණාරත්න මහතා සදහන් කළේ මෙවර සනාථන සභා රැස්වීම සදහා ආචාර්ය මහාචාර්යවරැ 290 දෙනෙකු සහභාගී වන බවයි.

ෙමාසයකට සැරයක් සනාථන සභා රැස්වීමක් පැවත්වෙන අතර ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයට මාස 500 ක් සම්පූර්ණ වීමද අද දිනට යෙදී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය දැනට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000  අතරට ඇතුළත් වී ඇති බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

කෝප් කමිටුවේදී මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට විශේෂ ප්‍රශංසාවක් හිමිවුණු බවද ඔහු සඳහන් කළේය.ආරම්භයේදී පීඨ 5 ක් පමණක් තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඪ සංඛ්‍යාව මේ වන විට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවද උපකුලපතිවරයා සදහන් කළේය .

ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ