කොළඹ-වව්නියා බසයකට බෝතල් ප්‍රහාරයක්


( ඔගස්ටින් ප්‍රනාන්දු)              

 කොළඹ සිට වවුනියාව බලා ධාවනය වු ලංගම බසයකට අද ( 4 ) අලුයම   එල්ල වු බෝතල් ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
 
 මෙම බසය කොළඹ සිට සිය ගමන් වාරය අරඹා  තිබිය දී  බත්තුඔය හේන්කට්ටිය ප්‍රදේශයේ දී යතුරු පැදියෙන් ආ නාදුනන දෙදෙනෙකු හිස් බෝතලයකින් ඉදිරි දකුණු පස රාමුවට ප්‍රහාරයක් එල්ල කර පලා ගිය බවත් කියයි .
 
එම පහරින් ඉදිරි  රාමුව මුළුමනින්ම බිදී ගොස්  ඇතැයිද පොලීසිය පවසයි. 
 
පහර එල්ල කළ අය පිළිබදව කිසිදු තොරතුරක් හෙළි වි නැති අතර  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකෙරේ.