කොළඹ වරාය නගරයට එරෙහි පෙත්සම් 17 ක පිටපත් කතානායකට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් 17 ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 )පැවැසී ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව යයිද කතානායක වරයා කීය.

මේ අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සමක පිටපතක්ද තමාට ලැබී තිබෙන බව අබේවර්ධන මහතා පැවැසී ය.

කතානායක වරයා මෙසේ පැවසූයේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.