කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර වාට්ටුවක් අසළ දුරකතන 19ක් වළ දමලා


(ජයන්ත සමරකෝන්)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එළිමහන් 'අංක 1'- සිර වාට්ටුව අසළ වළ දමා තිබී ජංගම දුරකතන 19ක් අද(24) බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමදී මෙම දුරකතන වළවල් දෙකක දමා තිබියදී ගොඩගත් බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

මත්කුඩු චෝදනා ඇතුළු විවිධ අපරාධ සම්බන්ධ රැඳවියන් විශාල පිරිසක් මෙම වාට්ටුවේ රඳවා සිටින බවද පැවසේ.

(ඡායාරූප සැපයීම - ළහිරු හර්ෂණ )