(මහින්ද නිශ්ශංක)
දින තුනක් නතර වී තිබුණු කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය අද (23) රාත්‍රී සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව කොළඹ - මඩකලපුව හා කොළඹ මඩකලපුව, ත්‍රිකුණාමල රාත්‍රී තැපැල් දුම්රිය අද (23) ධාවනය වේ.
අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර නිසා මොරගොල්ලාගම හා අවුකන අතර මාර්ගය සෝදා යාමෙන් කොළඹ - මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පෙරේදා (21) සිට නතර කර තිබිණි.

