(සමන් පාලිත නානායක්කාර )
කොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02)සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
විශාල ගල් පර්වත සමග පස්කන්ධ මාර්ගය මතට පතිත වීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
මේ වනවිට දෙපස වහන පෝලිමක්ද දක්නට ලැබේ. හල්දුමුල්ල නගරයට ඉහළින් පිහිටි හල්දුමුල්ල කන්දේ සිට පෙරළී ආ ගල් පර්වත මාර්ගයට මෙසේ පතිත වී තිබේ. විශාල ගල් ඇන්දක් මාර්ගයට පතිත වී තිබීම හේතුවෙන් ඉවත් කිරීම ඉතා අසීරු කාර්යයක් වී තිබේ.

