
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ බ්‍රිස්ටල් වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ තිබී උන්ඩ තොගයක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
T 56 උණ්ඩ 176 ක් සහ පිස්තෝලවලට යොදන 9 එම්.එම් වර්ගයේ උණ්ඩ 29 ක් එහි තිබී සොයාගත් බව පොලිසිය කියයි.
විවිධ පුද්ගලික ආයතන පිහිටා තිබෙන එම පස් මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වැසිකිළියක් තුළ අසල ඇති බැම්මක් අසල මෙම උන්ඩ තිබෙනු දැක පවිත්‍රතා සේවකයකු ඒ බව පොලිසියට දැනුම්දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
උණ්ඩ තොගය මෙම ස්ථානයට රැගෙන ආවේ කිනම් පුද්ගලයෙක් ද ? කුමන කාරණාවකට ද? යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම උණ්ඩ හමුවූ තට්ටු ගොඩනැගිල්ලේ ඉහළ මාලයට කොළඹ නගරයේ ප්‍රධාන මර්මස්ථාන රැසක් දර්ශනය වන බව ද උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

