
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ ජාතික රෝහලේ හෙදියන් 370 දෙනකු මේ වන විට රටහැර දමා ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉදිරි වසර තුළදී තවත් 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් රට හැර දමා යාමට ඉඩ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.
මේ වන විට හෙද කාර්ය මණ්ඩලය සියයට 12 කින් පමණ අඩු වී ඇති බවත් මේ වන විට ජාතික රෝහලේ සේවය කරන්නේ 2400 ක හෙද කාර්ය මණ්ඩලයක් බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
මේ වන විට ජාතික රෝහලේ හෙද හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විවිධ ඒකක අසීරුතාවයට පත් වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.
දැඩි සත්කාර ඒකකය තුළ එක් ඇඳකට එක් හෙද නිලධාරිනියක් සිටිය යුතු බව සාමාන්‍ය නිර්ණායකය වුවත් මේ වනවිට ඇඳවල් දෙකකට එක් හෙද නිලධාරිනියක් සිටින තත්ත්වයකට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය පත්වෙමින් යන බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.උපස්ථායක තනතුරේ පුරප්පාඩු පසුගිය වසර කිහිපය තුළ පුරවා නොතිබීම හේතුවෙන් ජාතික රෝහලේ අසීරුතා තවත් උග්‍ර වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසුවේය.
සෞඛ්‍ය කාර්ය සහායක තනතුර දරන්නන් තමාගේ සාමාන්‍ය රාජකාරී පවා පැහැර හරින තත්ත්වය තුළ තත්ත්වය තවත් බරපතල වී ඇතැයි එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

