කොළඹ කොටස් වෙළඳපොළට නව සභාපතිවරයෙක් පත් කෙරේ


(යොහාන් භාසුර)

දිමුතු අබේසේකර මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35 කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර හයක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.